Thursday, October 6, 2016

හොර වැඩ



 ඉස්සෙල්ලා දාපු පොස්ට් වලට ලයික් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.

"හොර වැඩ" හම්මේ ලිස්ට් 10 ක් විතර හදන්න පුළුවන් . හැබැයි ඉතින් ඒවා හොර වැඩත් නෙමෙයි අදකාලේ ළමයි කරන දේවල් දැක්කම


බලමුකෝ අපේ අයට මතක් වෙයිද කියලා









පටාන් ගමු පාන් යෝදයා පෙති පෙති කැපුවා අහ් නැහැනේ අඹ නේ .මුලින්ම කියන්න ඕනා හොස්ටල් වත්තේ හැදෙන ඕනෑම පළතුරක් කඩන්න අපිට අයිති නෑ .සිස්ටර් ප්‍රින්සිපල් අවසර දෙනවා නම් විතරයි කඩන්න පුළුවන් . එත් කඩන හැම පලතුරක්ම සමාන වශයෙන් හැම ළමයෙක්ටම ලැබීම අනිවාර්ය වෙලා තිබ්බේ. කාටද ඔච්චර කල් බලන් ඉන්න පුළුවන් .ඉතින් අපි කරන්නේ හොරෙන් කඩන එක.


හොරෙන් අඹ කැඩීම ඇම්බරල්ලා කැඩීම ලේසි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉස්සෙල්ල ලිපියෙන් කියපු  6 යේ පොඩි උන්ගේ ඇස් වලට මුලින්ම වැලි ගහන්න ඕනා . නංගිලා මල්ලිලා ඉන්න අය හොදට දන්නවා ඇති ඔය පොඩි උන් හොදට කේලම් කියන්න දන්නවා. (එහෙම කිව්වා කියලා ගෙදර නංගිලා මල්ලිලා මාත් එක්ක තරහ වෙන්න එපා). ඊට පස්සේ නායිකාවෝ එයාලගේ ඇස් වහන්නත් ඕනා මොකද ඒ ගොල්ලන්ට කප්පම් දීලත් බේරෙන්න බෑ. වැඩියෙන්ම භයානක සිස්ටට මිස්ට මුට්ටි අල්ලන අය.


හොස්ටල් එකේ අඹ වර්ග 3ක් තිබ්බා

-ඇපල් අඹ
-රට අඹ
-අනික සාමාන්‍ය අඹ (අච්චාරු දාන්න ගන්න ඒවා)



ඔය පින්තුරේ රවුන් වලින් පෙන්නලා තියෙන්නේ අඹ ගස් වම්  කෙරවල සාමාන්‍ය අඹ ඉදිරියෙන්ම රට අඹ දකුණු කෙලවර ඇපල් අඹ ගහ. තරුවෙන් නෙල්ලි ගහත් ත්‍රිකෝණයෙන් ඇම්බරල්ලා ගහත් තමයි පෙන්නලා තියෙන්නේ.


ලොකු වටයක් ගියා නේද



එහෙනම් එන්නම්කෝ ආයේ පරණ තැනටම


ඉස්සර අඹ ගහ සම්බන්ධයෙන් අඩුම අත්දැකීම් තියෙන්නේ මට මොකද ඒ ගහෙන් මන් වැඩිය කාලා නෑ . ඒකට විශේෂ හේතුවක් තියෙනවා . උදෙන්ම ඇහැරෙන අය ඔය අඹ ගහෙන් වැටෙන අඹ අහුලනවා . මම හැමෝටම කලින් ඇහැරෙන හින්ද මට කවදාවත් අඹ හම්බවෙලා නෑ(එකේ අනිත් පැත්ත) . හවසට වගේ ලක් එකට ගෙඩියක් දැක්කොත් ඇරෙන්න නැත්තන් මට නෑ තමා .ඔය අඹ ගැහෙ වැඩිම ප්‍රයෝජනය ගන්නේ උදේට මිදුල අතුගාන අය අඹ වාරෙට උදේ මිදුල ඉල්ලා ගන්න කට්ටිය පොරකනවා . ඒ මොකුත් හින්ද නෙමෙයි රට අඹ කන්න.


ඊළගට ඇපල් අඹ ගහ මන් හිතන්නේ 2004 බැච් එක 2005 බැච් එක 2006 බැච් එකෙන් පස්සේ ගහේ සරුවට අඹ හැදුනේ නම් නෑ .එකත් වටිනාම ගහක් ඒ ගහෙන්නම් ඕන තරම මන් කාලා තියෙනවා .ඔන්න පින්තුරෙකුත් හම්බුනා අපේම ඇපල් අඹ ගහේ




දැන් ඉතින් ෆොටෝ විතරයි අඹ ගහ නම් කපලා.

Tuesday, February 10, 2015

හොස්ටල් රැග්


කැම්පස් ගියත් අලුතෙන් ජොබ් එකකට ගියත් සාමාන්‍යයෙන් රැග් කියන දේ හම්බවෙනවනේ. ඉස්කෝල වල හොස්ටල් වලත් එකේ පොඩි වෙනසක්වත් නෑ.

අපේ හොස්ටල් එකට එන පුංචිම සාමාජිකයා 6 වසරේ නංගි කෙනෙක් . ඊට පොඩි අයට ඇඩ්මිෂන්  හම්බවෙන්නේ නෑ . 6 වසර කියන්නේ තමන්ගේ ඇදුමක් හෝදගන්න පුළුවන් පොඩ්ඩක් කොස්සක් අරන් අතුපතු ගාන්න පුළුවන් වයසනේ . බැරිනම් ඉගෙන ගන්න පුළුවන් වයස.

රැග් එක පටන් ගන්නේ ඔතනින් .
සතියේ දවස් 5ම ඉස්කෝලේ යන අපි සෙනසුරාදා ඉරිදා නිවාඩු .එත් ඇත්තටම නිවාඩු නෑ.සෙනසුරාදා ට අපි නැගිටින්නේ 6 ට . ඉරිදට බෞද්ධ අපි 8.30 විතර වෙනකන් නිදාගන්නවා .කතෝලික ළමයි පල්ලි ගිහින් එද්දී නැගිටලා ඉන්න ඕනා .නැත්තන් උන් ඇවිත් කුණු කුණු ගානවා කෑ ගහනවා නිදාගන්න නෑ .

ගෙදර ඉන්න ළමයි කරන්නේ 6ට නැගිටලා අම්මලා හදල දෙන කිරි බිලා කාටුන් එකක් බලන් ඉන්න එකනේ.එත් අපිට එහෙම බෑ.අපි කරන්නේ නැගිටලා අපිම කිරි හදාගෙන බීලා මුණ හෝදගෙන ඇදගෙන උදේට කාලා අපි ඉන්න වටාපිටාව සුද්ද කරන්න ඕනා. ඒක නිතිය .

සුද්ද කරන එකත් බෙදෙනවා කොටස් වලට 

-ෂවර් පැත්ත
-බාත්රුම් සහ සින්ක්
-ටොයිලට්
-කාණු(කොටස් 2ක් ඉස්සරහ කාණු /පිටිපස්සේ කාණු )
-ඉස්සරහ මිදුල
- බෙඩ්රුම්
-ඩයිනින්ග් හෝල් 

(අද වෙද්දී ඉස්සරහ මිදුල නෑ ඒ වෙනුවට තියෙන්න මහින්ද්‍යෝදය  ගුරු විවේකාගාරයක් කියලා විකාරයක් )

ඒ කාලේ වදයක් කියලා හිතුනට අද හිතෙනවා මේ දේවල් ඉගෙන ගත්ත එක කොච්චර දෙයක්ද කියලා.

පඳුර වටේ තැලුවා ඇති

ඔය සුද්ද කරන කොටස් වල තියෙන රැග් එකට අයිති දේ තමයි ඉස්සරහ කාණු. ඔය රැග් එකට අදාල පිරිසක් ඉන්නවා. අපේ මිස් තමයි එතැනදී ප්‍රදානත්වය ගන්නේ .අපිත් නැතුව නෙමෙයි.ඔන්න පොඩි ළමයි ඒ කියන්නේ 6යෙ පැටවූ ඇවිත් මාසයක් යනකන් නිකන් සුකිරි පැටවූ වගේ ඔහේ එහෙට මෙහෙට පැන පැන ඉන්න අරිනවා. මාසයක් විතර ගිහාම තමයි පටන් ගන්නේ . මාසයක් විතර ගියායින් පස්සේ තොරගන්නවා සෙනසුරාදා දවසක් උදේ 9ට විතර පොඩි බාජර් එකට එන්න කියනවා.අනේ අලුත් පැටවූ නේ සමහර උන් බයේ ,සමහර උන් ලැජ්ජාවේ ,තවත් සමහරු පැනගෙන එනවා.

කට්ටියගෙම අතට දෙනවා ෂොපින් බග් එකක් ඒ කිව්වේ සිලි සිලියක් .දැන් සෙට් එකේ මුණු අවුල්.හොදටම අවුල් යන්නේ මිස් කියනවා "අහ් දැන් ඔය බෑග් එක ඔලුවට දාගෙන රිංගන්න මේ කානුවෙන්" . ඊට පස්සේ පෙන්නවා පරණ එකෙක්ව "මේ අක්කාත් ඔය වගේ බෑග් එකක් දාගෙන මේකෙන් රිංගුවා "කියලා.සමහර ළමයි රිංගන්න හදල තියෙනවා.  

ඔය තමයි විශේෂම රැග් එක .තව තියෙනවා ඒවා පසුවට 

ප.ලි. අර අපේ රජා අයියා  වගේ සුභ වේවා රජ සම්පත් ලැබේවා වගේ එකක් හොයා ගන්න ඕනා

යාලුවෝ


හොස්ටල් ලයිෆ් එකේ ආරම්භය ගැන මම කිව්වනේ දැන් කියන්නේ යාලුවෝ ගැන .මගේ ජිවිතයේ වටිනාම කට්ටිය වගේම ඇදගෙන නනනෙත් මේ සෙට් එක හින්දාම තමයි.

හොස්ටල් එකේ අපි හැමෝටම අංකයක් තිබ්බා . ඒ තම තමුන්ගේ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න.

අපේ සෙට් එකට තිබ්බේ 57 ඉදන් නම්බර්ස්

57 දිනුෂා

58 චාතුරිකා
59 ශානිකා
60 සමෝදී
61 මම
63 තොසේ (තෝශිකා)
64 සෙව්වන්දි

62 අජානී අක්කා (අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් ඒ වුනාට අපිත් එක්ක වැටුනාම අපේ වයසේ වගේ තමයි)


ඔය ඉතින් 2004 අයිති කට්ටිය ඉතුරු යාලුවෝ එකතු වෙන්නේ ඊට පස්සේ අවුරුදු වල. ඒ කට්ටිය ගැනත් කියන්නම්කො 

Thursday, July 11, 2013

මගේ හොස්ටල් ජීවිතයේ ආරම්භය

මුලින්ම මං කියන්න යන්නේ මගේ හොස්ටල් ලයිෆ් එක ගැන .

මං හෝස්ටල් ගියේ 2004 අවුරුද්දේ . හරියටම සුනාමි ආව අවුරුද්දේ .ශිෂ්‍යත්වේ කරපු
ඉස්කෝලෙන් අස් වෙලා අලුත් ඉස්කෝලෙට යන්න තිබ්බේ මාරම ආසාවක්,මොකද මං ගෙදර තනි ළමයා හින්දත් තාත්තයි මමයි විතරක් ගෙදර ඉන්න හින්දත් වෙන්න ඇති.

තාත්තා එක්ක ඉස්කෝලේ තිබ්බ ඉන්ටවිව් එකට ආවත් මොනා කරන්න වෙයිද කියලා දැනගෙන නම් නෙමෙයි ආවේ. ගණන් පේපර් එකක් තිබ්බ සිංහල පේපර් එකක් තිබ්බා.ලියල වැඩ්ඩා වගේ ආවාට පාස් වෙයි කියලා හිතුවේ නම් නැ .පාසුත් උනා .ඉස්කෝලේ යන්න තිබ්බේ හරියටම 2004 පෙබරවාරි 9 . මට අදටත් මතකයි 8 වෙනිදා රෑ නිදාගත්තේ ඇදුම් බෑග් එක කකුල් දෙක ලග තියාගෙන.උදෙන්ම ඇදගත්තා අලුත් ඉස්කෝලෙට යන්න .අපේ පුංචි යි (තාත්තාගේ මල්ලිගේ වයිෆ්) ,තාත්තායි මමයි ගියේ .ඉස්සර අපේ ලොකුඅම්මයි නැන්දයි දෙන්නම ජොබ් කළා. දැන් නම් නැන්දා විතරයි වැඩ කරන්නේ . ලොකු අම්මා පෙන්ෂන් .ඉතින් හොස්ටල් එකට මාව දාන්න කාවහරි ඕනෑ හින්දා පුංචි ආවා.ඉස්කොලෙටත් ගියා . ඉස්කෝලෙට ඇතුලත් කරගත්තා මාව. දැන් තියෙන්නේ හොස්ටල් එකට මාව දාන වැඩේ.

ඇදුම් බෑග් එකත් අරගෙන හෝස්ටල් එකේ ඇතුලට මං ගියා නිකන් හොස්පිටල් එකක් වගේ ඇදවල් තියෙන්නේ ලස්සනට සුදු පාට බෙඩ්ෂීට් දාලා හැම ඇදටම ලස්සනයි කියනවට වැඩිය හරි පිළිවෙලයි .දැන් නම් වෙන බෙඩ්ෂිට් එකක් තියෙන්නේ.
 
 මිස් ඒ කිව්වේ හොස්ටල් එකේ මිස් වෙන විදිහකට කිව්වොත් හොස්ටල් එකේ මේට්‍රන්. අපි නම් කිව්වේ මිස් කියලා .මිස් මට ඇදක් දුන්නා පුංචි මගේ ඇදට බෙඩ්ෂීට් දාලාත් දුන්නා. ඊට පස්සේ අපි හොස්ටල් එකේ පෝටිකෝ එකට ගියා .දැන් මගේ තොරතුරු පොතක ලියන්න යන්නේ .මිස් මාත් එක්ක කථා කළා. මගෙන් නම ගම ඔය වගේ දේවල් ටිකක් ඇහුවා.තාත්තාගෙන් ඇහුව මම කන්නේ නැති දේවල් මොනාද කියලා .මං පැන්න ගමන් කන්නේ නැති ලිස්ට් එකක් කියාගෙන ගියා. මිස් කිව්වා මිස් ඇහුවේ ඇලජික් දේවල්ලු , තාත්තා කිව්වා මොකුත් නෑ කියලා .ඔහොම මොනාද මන්දා අහගෙන ගියා .ඒවා නම් මතක නෑ.ඊට පස්සේ තාත්තලා ගියා මමත් මගේ ස්කුල් බෑග් එකත් අරගෙන පන්තියට ගියා. උදේ වරුව ඉවර වෙලා තිබ්බේ ඔය වැඩ ඉවර වෙද්දී .ඉස්කෝලේ ඇරුනාට පස්සේ මං හොස්ටල් ආවා .

මිස් මම අලුත් හින්දා මාව බලාගන්න අක්කා කෙනෙක්ට බාරදීලා තිබ්බේ .ඒ මධුෂා අක්කාට .මධුෂා අක්කාත් මට බාත්රුම් එහෙම පෙන්නලා එයා ගියා .මමත් ඇග හෝදගෙන අලුතෙන් මහපු ගවුමකුත් ඇදගෙන මගේ ඇද ලගට ගියා.මගේ ලග හිටියේ මගේම වයසේ කට්ටියක් . මම අලුත්නේ දැන් කට්ටිය අහනවා මං කොහෙද කියලා .මං කිව්වා මං මරදගහමුල කියලා.එතන ඔක්කොම වගේ හිටියේ පුත්තලම, කල්පිටිය, තලවිල පැත්තේ ළමයි .එක ළමයෙක් හිටියා ගලෙන්බිඳුනුවැව . දැන් කට්ටියටම හිනා මගේ ගමේ නම ඇහුවහම . ඊට  පස්සේ ඇහුවා ඔයාගේ ගවුම ලස්සනයි ගත්තද කියලා මං කිව්වා නෑ  මැහුවා කියලා . මෙන්න කට්ටිය අහනවා කොහෙන්ද මැහුවේ කියලා මං කිව්වා නෙල්ලිගහමුල කියලා .දැන් කට්ටියට තවත් හිනා .ඇයි අහපු නැති ගම් ටිකක්නේ . ඔතන හිටියා හෙණ පණ්ඩිත කෙල්ලෙක් . අද වෙද්දී මට ඉන්න හොදම යාලුවෙක් . සමෝදි  .  මට කියනවා ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන්නේ ගස්වල මුල් විතරමයි නේද කියලා.


දැන් ඔය වගේ විකාර කියව කියව හිටියා අපි කට්ටියම . මගේ ඇදයි අර මම කියපු ගලෙන්බිඳුනුවැව ලමයගෙයි ඇදවල් තියෙන්නේ එක ලග . ඉතින් කට්ටිය කියව කියව හිටියේ අපි දෙන්නගේ ඇදවල් ගාව .එත් මම ඉදගෙන හිටියේ මගේ ඇදේ නෙමෙයි . ඊට ඉස්සරහ තිබ්බ ඇදක .  දැන් කට්ටිය කියව කියව ඉන්නවා. එක පාරටම යෝධ යකෙක් වගේ කෙල්ලෙක් මගේ ඉස්සරහ හිට ගත්තා .

"තමුසෙට කවුද කිව්වේ මගේ ඇදේ ඉදගන්න කියලා . හදනවා මගේ ඇද"  කියලා යක්සාවේසයෙන් කෑගහනවා. මමත් එයාගේ ඇද හැදුවා .  මහා ලොකුවට ඇද පොඩි වෙලා තිබ්බේ නෑ . එයා යනකන් ඉදලා මං යාලුවන්ගෙන් ඇහුවා ඒ කවුද කියලා . ඒ දිනුෂා කියලා කට්ටිය කිව්වා .

ඒ මගෙයි දිනුශාගෙයි මුල්ම හමුවීම වගේම අපි දෙන්නගේ වලියේ ආරම්භය.

ඔය තමයි ඉතින් හොස්ටල් ජිවිතයේ ආරම්භය .