Tuesday, February 10, 2015

හොස්ටල් රැග්


කැම්පස් ගියත් අලුතෙන් ජොබ් එකකට ගියත් සාමාන්‍යයෙන් රැග් කියන දේ හම්බවෙනවනේ. ඉස්කෝල වල හොස්ටල් වලත් එකේ පොඩි වෙනසක්වත් නෑ.

අපේ හොස්ටල් එකට එන පුංචිම සාමාජිකයා 6 වසරේ නංගි කෙනෙක් . ඊට පොඩි අයට ඇඩ්මිෂන්  හම්බවෙන්නේ නෑ . 6 වසර කියන්නේ තමන්ගේ ඇදුමක් හෝදගන්න පුළුවන් පොඩ්ඩක් කොස්සක් අරන් අතුපතු ගාන්න පුළුවන් වයසනේ . බැරිනම් ඉගෙන ගන්න පුළුවන් වයස.

රැග් එක පටන් ගන්නේ ඔතනින් .
සතියේ දවස් 5ම ඉස්කෝලේ යන අපි සෙනසුරාදා ඉරිදා නිවාඩු .එත් ඇත්තටම නිවාඩු නෑ.සෙනසුරාදා ට අපි නැගිටින්නේ 6 ට . ඉරිදට බෞද්ධ අපි 8.30 විතර වෙනකන් නිදාගන්නවා .කතෝලික ළමයි පල්ලි ගිහින් එද්දී නැගිටලා ඉන්න ඕනා .නැත්තන් උන් ඇවිත් කුණු කුණු ගානවා කෑ ගහනවා නිදාගන්න නෑ .

ගෙදර ඉන්න ළමයි කරන්නේ 6ට නැගිටලා අම්මලා හදල දෙන කිරි බිලා කාටුන් එකක් බලන් ඉන්න එකනේ.එත් අපිට එහෙම බෑ.අපි කරන්නේ නැගිටලා අපිම කිරි හදාගෙන බීලා මුණ හෝදගෙන ඇදගෙන උදේට කාලා අපි ඉන්න වටාපිටාව සුද්ද කරන්න ඕනා. ඒක නිතිය .

සුද්ද කරන එකත් බෙදෙනවා කොටස් වලට 

-ෂවර් පැත්ත
-බාත්රුම් සහ සින්ක්
-ටොයිලට්
-කාණු(කොටස් 2ක් ඉස්සරහ කාණු /පිටිපස්සේ කාණු )
-ඉස්සරහ මිදුල
- බෙඩ්රුම්
-ඩයිනින්ග් හෝල් 

(අද වෙද්දී ඉස්සරහ මිදුල නෑ ඒ වෙනුවට තියෙන්න මහින්ද්‍යෝදය  ගුරු විවේකාගාරයක් කියලා විකාරයක් )

ඒ කාලේ වදයක් කියලා හිතුනට අද හිතෙනවා මේ දේවල් ඉගෙන ගත්ත එක කොච්චර දෙයක්ද කියලා.

පඳුර වටේ තැලුවා ඇති

ඔය සුද්ද කරන කොටස් වල තියෙන රැග් එකට අයිති දේ තමයි ඉස්සරහ කාණු. ඔය රැග් එකට අදාල පිරිසක් ඉන්නවා. අපේ මිස් තමයි එතැනදී ප්‍රදානත්වය ගන්නේ .අපිත් නැතුව නෙමෙයි.ඔන්න පොඩි ළමයි ඒ කියන්නේ 6යෙ පැටවූ ඇවිත් මාසයක් යනකන් නිකන් සුකිරි පැටවූ වගේ ඔහේ එහෙට මෙහෙට පැන පැන ඉන්න අරිනවා. මාසයක් විතර ගිහාම තමයි පටන් ගන්නේ . මාසයක් විතර ගියායින් පස්සේ තොරගන්නවා සෙනසුරාදා දවසක් උදේ 9ට විතර පොඩි බාජර් එකට එන්න කියනවා.අනේ අලුත් පැටවූ නේ සමහර උන් බයේ ,සමහර උන් ලැජ්ජාවේ ,තවත් සමහරු පැනගෙන එනවා.

කට්ටියගෙම අතට දෙනවා ෂොපින් බග් එකක් ඒ කිව්වේ සිලි සිලියක් .දැන් සෙට් එකේ මුණු අවුල්.හොදටම අවුල් යන්නේ මිස් කියනවා "අහ් දැන් ඔය බෑග් එක ඔලුවට දාගෙන රිංගන්න මේ කානුවෙන්" . ඊට පස්සේ පෙන්නවා පරණ එකෙක්ව "මේ අක්කාත් ඔය වගේ බෑග් එකක් දාගෙන මේකෙන් රිංගුවා "කියලා.සමහර ළමයි රිංගන්න හදල තියෙනවා.  

ඔය තමයි විශේෂම රැග් එක .තව තියෙනවා ඒවා පසුවට 

ප.ලි. අර අපේ රජා අයියා  වගේ සුභ වේවා රජ සම්පත් ලැබේවා වගේ එකක් හොයා ගන්න ඕනා

No comments:

Post a Comment