Thursday, July 11, 2013

මගේ හොස්ටල් ජීවිතයේ ආරම්භය

මුලින්ම මං කියන්න යන්නේ මගේ හොස්ටල් ලයිෆ් එක ගැන .

මං හෝස්ටල් ගියේ 2004 අවුරුද්දේ . හරියටම සුනාමි ආව අවුරුද්දේ .ශිෂ්‍යත්වේ කරපු
ඉස්කෝලෙන් අස් වෙලා අලුත් ඉස්කෝලෙට යන්න තිබ්බේ මාරම ආසාවක්,මොකද මං ගෙදර තනි ළමයා හින්දත් තාත්තයි මමයි විතරක් ගෙදර ඉන්න හින්දත් වෙන්න ඇති.

තාත්තා එක්ක ඉස්කෝලේ තිබ්බ ඉන්ටවිව් එකට ආවත් මොනා කරන්න වෙයිද කියලා දැනගෙන නම් නෙමෙයි ආවේ. ගණන් පේපර් එකක් තිබ්බ සිංහල පේපර් එකක් තිබ්බා.ලියල වැඩ්ඩා වගේ ආවාට පාස් වෙයි කියලා හිතුවේ නම් නැ .පාසුත් උනා .ඉස්කෝලේ යන්න තිබ්බේ හරියටම 2004 පෙබරවාරි 9 . මට අදටත් මතකයි 8 වෙනිදා රෑ නිදාගත්තේ ඇදුම් බෑග් එක කකුල් දෙක ලග තියාගෙන.උදෙන්ම ඇදගත්තා අලුත් ඉස්කෝලෙට යන්න .අපේ පුංචි යි (තාත්තාගේ මල්ලිගේ වයිෆ්) ,තාත්තායි මමයි ගියේ .ඉස්සර අපේ ලොකුඅම්මයි නැන්දයි දෙන්නම ජොබ් කළා. දැන් නම් නැන්දා විතරයි වැඩ කරන්නේ . ලොකු අම්මා පෙන්ෂන් .ඉතින් හොස්ටල් එකට මාව දාන්න කාවහරි ඕනෑ හින්දා පුංචි ආවා.ඉස්කොලෙටත් ගියා . ඉස්කෝලෙට ඇතුලත් කරගත්තා මාව. දැන් තියෙන්නේ හොස්ටල් එකට මාව දාන වැඩේ.

ඇදුම් බෑග් එකත් අරගෙන හෝස්ටල් එකේ ඇතුලට මං ගියා නිකන් හොස්පිටල් එකක් වගේ ඇදවල් තියෙන්නේ ලස්සනට සුදු පාට බෙඩ්ෂීට් දාලා හැම ඇදටම ලස්සනයි කියනවට වැඩිය හරි පිළිවෙලයි .දැන් නම් වෙන බෙඩ්ෂිට් එකක් තියෙන්නේ.
 
 මිස් ඒ කිව්වේ හොස්ටල් එකේ මිස් වෙන විදිහකට කිව්වොත් හොස්ටල් එකේ මේට්‍රන්. අපි නම් කිව්වේ මිස් කියලා .මිස් මට ඇදක් දුන්නා පුංචි මගේ ඇදට බෙඩ්ෂීට් දාලාත් දුන්නා. ඊට පස්සේ අපි හොස්ටල් එකේ පෝටිකෝ එකට ගියා .දැන් මගේ තොරතුරු පොතක ලියන්න යන්නේ .මිස් මාත් එක්ක කථා කළා. මගෙන් නම ගම ඔය වගේ දේවල් ටිකක් ඇහුවා.තාත්තාගෙන් ඇහුව මම කන්නේ නැති දේවල් මොනාද කියලා .මං පැන්න ගමන් කන්නේ නැති ලිස්ට් එකක් කියාගෙන ගියා. මිස් කිව්වා මිස් ඇහුවේ ඇලජික් දේවල්ලු , තාත්තා කිව්වා මොකුත් නෑ කියලා .ඔහොම මොනාද මන්දා අහගෙන ගියා .ඒවා නම් මතක නෑ.ඊට පස්සේ තාත්තලා ගියා මමත් මගේ ස්කුල් බෑග් එකත් අරගෙන පන්තියට ගියා. උදේ වරුව ඉවර වෙලා තිබ්බේ ඔය වැඩ ඉවර වෙද්දී .ඉස්කෝලේ ඇරුනාට පස්සේ මං හොස්ටල් ආවා .

මිස් මම අලුත් හින්දා මාව බලාගන්න අක්කා කෙනෙක්ට බාරදීලා තිබ්බේ .ඒ මධුෂා අක්කාට .මධුෂා අක්කාත් මට බාත්රුම් එහෙම පෙන්නලා එයා ගියා .මමත් ඇග හෝදගෙන අලුතෙන් මහපු ගවුමකුත් ඇදගෙන මගේ ඇද ලගට ගියා.මගේ ලග හිටියේ මගේම වයසේ කට්ටියක් . මම අලුත්නේ දැන් කට්ටිය අහනවා මං කොහෙද කියලා .මං කිව්වා මං මරදගහමුල කියලා.එතන ඔක්කොම වගේ හිටියේ පුත්තලම, කල්පිටිය, තලවිල පැත්තේ ළමයි .එක ළමයෙක් හිටියා ගලෙන්බිඳුනුවැව . දැන් කට්ටියටම හිනා මගේ ගමේ නම ඇහුවහම . ඊට  පස්සේ ඇහුවා ඔයාගේ ගවුම ලස්සනයි ගත්තද කියලා මං කිව්වා නෑ  මැහුවා කියලා . මෙන්න කට්ටිය අහනවා කොහෙන්ද මැහුවේ කියලා මං කිව්වා නෙල්ලිගහමුල කියලා .දැන් කට්ටියට තවත් හිනා .ඇයි අහපු නැති ගම් ටිකක්නේ . ඔතන හිටියා හෙණ පණ්ඩිත කෙල්ලෙක් . අද වෙද්දී මට ඉන්න හොදම යාලුවෙක් . සමෝදි  .  මට කියනවා ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන්නේ ගස්වල මුල් විතරමයි නේද කියලා.


දැන් ඔය වගේ විකාර කියව කියව හිටියා අපි කට්ටියම . මගේ ඇදයි අර මම කියපු ගලෙන්බිඳුනුවැව ලමයගෙයි ඇදවල් තියෙන්නේ එක ලග . ඉතින් කට්ටිය කියව කියව හිටියේ අපි දෙන්නගේ ඇදවල් ගාව .එත් මම ඉදගෙන හිටියේ මගේ ඇදේ නෙමෙයි . ඊට ඉස්සරහ තිබ්බ ඇදක .  දැන් කට්ටිය කියව කියව ඉන්නවා. එක පාරටම යෝධ යකෙක් වගේ කෙල්ලෙක් මගේ ඉස්සරහ හිට ගත්තා .

"තමුසෙට කවුද කිව්වේ මගේ ඇදේ ඉදගන්න කියලා . හදනවා මගේ ඇද"  කියලා යක්සාවේසයෙන් කෑගහනවා. මමත් එයාගේ ඇද හැදුවා .  මහා ලොකුවට ඇද පොඩි වෙලා තිබ්බේ නෑ . එයා යනකන් ඉදලා මං යාලුවන්ගෙන් ඇහුවා ඒ කවුද කියලා . ඒ දිනුෂා කියලා කට්ටිය කිව්වා .

ඒ මගෙයි දිනුශාගෙයි මුල්ම හමුවීම වගේම අපි දෙන්නගේ වලියේ ආරම්භය.

ඔය තමයි ඉතින් හොස්ටල් ජිවිතයේ ආරම්භය .








2 comments:

  1. Replies
    1. ස්තුතියි ගාලු එන්නම් බ්ලොග් එක පැත්තේ

      Delete